පවතින ගෑස් අර්බුදය පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීමට උරණ වී ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර වරයා දින දහයක පමණ සිට මත්තෙගොඩ ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයෙකුට ගෑස් ලබා නොදීමේ පුවතක් වාර්තාවේ.
මේ හේතුවෙන් දර ලිපක් හෝ ඉදිකරගැනීමට ඉඩකඩ නොමැති මත්තේගොඩ නිවාස සංකීර්ණයේ නිවාස 1500ක පදිංචි පන් දහසකට අධික ජනතාවක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි පැවසේ.
මත්තේගොඩ නිවාස සංකීර්ණයේ බස් නැවතුම්පළ අසල පිහිටි මෙම ගෑස් අලෙවි නියෝජිත ආයතනයෙන් ප්‍රදේශයේ විශාල පිරිසක් ගෑස් ලබා ගන්නා අතර පසුගිය කාලයේ පැවැති ගෑස් අර්බුදය හේතුවෙන් ගෑස් ලබාගැනීමට පැමිණෙන විශාල පිරිසකට හිස් අතින් හැරී යාමට සිදුව තිබුණි.
මේ පිළිබඳව ප්‍රදේශවාසීන් එල්ල කර තිබූ චෝදනාව පිළිබඳව විමසීම සඳහා ඉකුත් 27 දා මාධ්‍යවේදියෙකු එම ස්ථානයට ගොස් එහි හිමිකාරියගෙන් ගෑස් අර්බුදය පිළිබඳව ප්‍රකාශයක් ලබාගෙන තිබු අතර එම පුවත ප්‍රචාරය වී තිබූණි .
මෙය දුටු අදාල ගෑස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාරවරයා උපදෙස් දී ඇත්තේ ගෑස් අර්බුදය පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දුන් අදාළ අලෙවි නියෝජිතයාට මින් පසුව ගෑස් සැපයුම අත්හිටුවන ලෙසයි.
ඒ අනුව දින හතරක් පමණ තමන්ට ගෑස් නොලැබීම පිළිබඳව අදාල අලෙවි නියෝජිතයා ගෑස් සැපයුම් ආයතනයෙන් විමසීමේ දී පවසා ඇත්තේ ගෑස් අර්බුදය පිළිබඳව මාධ්‍යට ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ගෑස් සැපයුම අත්හිටුවන ලෙසට ප්‍රාදේශීය කළමණාකාර වරයා උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව මේ වන විට දින දහයක් පමණ ඉක්ම ගොස් ඇතත් මේ දක්වා ගෑස් ලබානොදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැනුවත් කරමින් මත්තෙගොඩ හාර්ඩ්වෙයාර් ආයතනයේ හිමිකරු අලෙවිසැල ඉදිරිපිට දැන්වීමක් පළකර තිබේ.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
