ගෑස් සිසින්ඩරවල අඩංගුවිය යුතු බිටුටේන් සහ ප්‍රෝපේන් සංයුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වායුවේ උපරිම වාෂ්ප පීඩනය සම්බන්ධයෙන් ප්‍රමිතියක් දක්වා ඇති බවට ඒම ආයතනය නිවේදනය කර සිටියි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එසේම කපාට, රේගියුලේටර් සහ නම්‍යශීලී හෝස් සඳහා නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කර ඇති අතර එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වගකීම බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කර සිටියි.
