ගෘහස්ථ ගෑස් සිලින්ඩර අනතුරකින් බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මියගිය බව පල්ලේකැලේ පොලිසිය කියයි .
එසේ මියගොස් ඇත්තේ පිදුරු වැල්ල හංදිය විල්ගමුව ප්‍රදේශයේ පදිංචි තිදරු මවකි . ඇයගේ දරුවන් මහනුවර ප්‍රදේශයේ පාසල්වල අධ්‍යාපනය හදාරන බැවින් ගමන් පහසුව සඳහා පල්ලෙකැලේ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටි බව පොලිසිය කියයි .
දෙසැම්බර් මස 01 වැනිදා පාන්දර 03 .00 පමණ මම දරුවන්ට පාසල් ගෙන යාම සඳහා ආහාර පිසීමට සැරසුණු අවස්ථාවේ දී කිසියම් පිපුරුමක් සිදුවී ගිනි ගෙන ඇති අතර එහිදී ඇය බරපතළ බරපතල පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ . දින දහයක් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 10 වැනිදා ඇය මියගොස් තිබේ .
පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
ෂේන් සෙනෙවිරත්න