ගාල්ල මහින්දයේ තැපැල් ඡන්ද ගැටලුවක්
ගාල්ල මහින්ද විද්‍යාලයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම නිසි වේලාවට ආරම්භ නොකළ බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද (23දා) සවස සහ හෙට (24දා) විදුහලට පැමිණෙන ලෙස විදුහල්පතිවරයා විසින් ගුරුවරුන්ට දැනුම් දීමෙන් ඔවුන්ගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කර ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පවසයි.
ඔහු පවසන්නේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 23දා හා 24දා නිශ්චිත කාල සීමාවක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබා දී තිබියදී මෙලෙස එම අවස්ථාව පැහැර හැරීම බරපතළ වරදක් බවයි. එවැනි තීරණ ගැනීමට කිසිදු ආයතන ප්රධානියකුට හැකියාවක් නැතැයිද ස්ටාලිං මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
‘‘ අද අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් යෙදී තිබූ නිසා මා ඒ ගැන ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා සමග සාකච්ඡා කළා. එතුමාගේ අවසරය ඇතිව මේ තීරණය ගත්තේ. තැපැල් ඡන්දය ඉල්ලුම්කර තිබූ ගුරුවරු 48 දෙනාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. මෙය අවසරය ඇතිව නීත්‍යානුකූලව කරනු ලැබූ දෙයක්’’
සිරංගිකා ලොකුකරවිට සහ ඇත්කඳුරේ ජනත් ද සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

