ගාල්ල ජාතික රෝහලේ විදුලි කාර්මිකයෙකුට දිනක පඩි ලෙස රු. 30000ක් ගෙවලා
ගාල්ල ජාතික රෝහලේ විදුලි නඩත්තු සේවයේ යෙදි සිටි විදුලි කාර්මිකයින් දෙදෙනෙකු සදහා මසකට රුපියල් මිලියන 2.04ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
රෝහලේ විදුලි නඩත්තු සේවයේ යෙදිසිටිම මත සාමාන්‍ය දිනයක රුපියල් 30,024ක මුදලක්ද ඉරිදා හෝ නිවාඩු දින සදහා රුපියල් 45,036ක මුදලක්ද මෙකි විදුලි කාර්මිකයින් දෙදෙනා වෙත ගෙවා ඇති බව අනාවරණය වි ඇත. රාජකාරි කාර්යයන් හා ගෙවිම් සම්බන්දයෙන් ලිඛිත ගිවිසුමක් නොතිබු අතර පැයකට රුපියල් 1,251 වේතන අනුපාතය තිරණය කළ පදනමද විගණනයට ඉදිරිපත් නොවු බව විගණනය මගින් පෙන්වා දි තිබුණි. ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි සිට ජුලි දක්වා සිදුකළ නඩත්තු කටයුතුවලින් සියයකට අනුවකට වඩා වැඩි ප්‍රමාණයක් සුළු විදුලි නඩත්තු කටයුතු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙම කාලය තුල බල්බ් සවිකිරිම මාසික නඩත්තු වාර වලින් සියයට අටේ සිට සියයට 58ක් විය. රෝහලේ නඩත්තු අංශය සදහා එම කටයුතු කිරිමට හැකියාව තිබියදි විදුලි කාර්මිකයින් දෙදෙනෙකු සදහා මසකට රුපියල් මිලියන 2.04 මුදලක් ගෙවිම රජයේ මුදල් නිෂ්කාර්යව වැයවිමට ඉඩ සැලසිමක් බවද විගණනය මගින් පෙන්වා දි ඇත.
මේ සම්බන්දයෙන් රෝහල් බලධාරින් විගණනයට සදහන් කොට ඇත්තේ රෝහලේ ස්ථිර විදුලි තාක්ෂණ නිලධාරියෙකු හෝ කාර්මික ශිල්පින් නොමැති බැවින් හදිසි විදුලි නඩත්තු හා ප්‍රධාන විදුලි සැපයුම පවත්වාගෙන යාමේ කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා තිබු බවය. මේ වනවිට එම විදුලි නඩත්තු සේවාව විවෘත ප්‍රසම්පාදනය යටතේ පුද්ගලික අංශයට ප්රදානය කර ඇති බවය.
විදුලි නඩත්තු සේවා විධිමත් ගිවිසුම් හා පිරිවැය පලදායිතාවය මත ක්‍රියාත්මක කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
