ගායන ශිල්පිනී ප්‍රියාණි ජයසිංහ තියුණ ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (08දා) මෙම ඝාතනය සිදුකර ඇත. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලීසිය ඇයගේ සිරුර පානදුර පිහිටි නිවසේදී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
