ග්‍රෑන්ඩ් හයට්හි අක්‍රමිකතා සෙවීමට කමිටුවක්
ග්‍රෑන්ඩ් හයාට් ව්‍යාපෘතියේ සිදුවී ඇති බව බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා රක්ෂ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල හා ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ්හි හිමිකාරිත්වය පවතින සිනෝ ලංකා පුද්ගලික සමාගම යටතේ ග්‍රෑන්ඩ් හයාඩ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ඉදිකිරීම් කටයුතු නිමකර මෙම හෝටලයේ ව්‍යාපාර කටයුතු 2016 වර්ශයේ පළමු කාර්තුවේදී සිදු කිරිමට සැලසුම් කර තිබුණි. එහෙත් 2015 වර්ෂයේ ජනාධිපතිවරණයෙන් පසුව පත් කරන ලද සිනෝ ලංකා පුද්ගලික සමාගමේ නව අධ්යක්ෂ මණ්ඩලය විසින් පෙර පැවැති රජය විසින් අත්සන් කළ බෝහෝමයක් ගිවිසුම් කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව අවලංගු කර එම වැඩ කොටස් සඳහා නව කොන්ත්‍රාත්කරුවන් සමග ගිවිසුම්වලට එළැඹ තිබේ.
ඒ හේතුවෙන් ඇතැම් ආයතන විසින් අධිකරණමය ක්‍රියාමාර්ග වෙත යොමු වී ඇති අතර රුපියල් බිලියන 1.8කට ආසන්න මුදලක් සිනෝ ලංකා පුද්ගලික සමාගම විසින් වන්දි වශයෙන ගෙවිය යුතු බවට තීරණය වී ඇත.
මූලික සැලසුම් අනුව රුපියල් බිලියන 30ක ඇස්තමේන්තු ගත පිරිවැයකින් නිම කිරීමට තිබූ මෙම ව්‍යාපෘතියේ වර්තමාන පිරිවැය රුපියල් බිලියන 60ක් පමණ විය හැකි බවට යළි ඇස්තමේන්තු කර තබේ.
සිනෝ ලංකා පුද්ගලික සමාගමේ පසුගිය පාලන අධිකාරිය විසින් සිදුකර ඇති අක්‍රමිකතා හේතුවෙන් එම තත්ත්වය පැන නැගී ඇති බව පෙනි යන බැවැනි එමගින් රජයට මූල්‍යමය පාඩුවක් සිදුව ඇතිද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
popular news
-
kumara Tuesday, 01 December 2020 06:46 PM
Grand hyatt colombo, project, could be a disaster, news. Pls budget you income, as per Lord buddha, 1/4, 2/4 ,1/4 therefore, loans for you requirements could be avoided, avoid suffering, Lord Buddha's teachings for the wise person, awake person, not for fools, thanks, kumara, my Web truth and harmony.blogspot.com, wish you good health, prosperity.my tel 0769169768
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

