අද (10) දින උදෑසන 10.00 සිට දහවල් 1.00 දක්වා කොළඹ උතුර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරින් 125ක් පමණ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මුලික කරගෙන විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදි.
එම සෝදිසි මෙහෙයුමේදි හෙරෝයින් ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 35ක් සමඟ සැකකරුවන් 45දෙනෙක්ද ,ගංජා ග්‍රෑම් 235 මිලිග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් 6 දෙනෙක්ද , විවිධ වැරදි සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යකර සිටි පුද්ගලයින් 61 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
