ග්‍රාමිය මගි ප්‍රවාහනයට කුඩා ප්‍රමාණයේ බස් 600ක් ගෙන්වයි
ග්‍රාමිය මට්ටමේ ප්‍රවාහන අවශ්‍යතා සම්පුර්ණ කිරිම වෙනුවෙන් කුඩා ප්‍රමාණයේ බස්රථ 600ක් ආනයනය කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
නගරාන්තර ගමනාගමනයට නොව ගමක සිට ඒහි ලඟම ඇති නගරය දක්වා පමණක් මෙම බස්රථ ධාවනයට එක් කරන අතර යෝජිත ගැමි සැරිය වැඩසටහන සමගාමිව මෙම බස් ධාවනයට එක් කරන බවද ඒ මහතා මහනුවරදි පැවසීය.
දිස්ත්‍රික් ප්‍රවාහන කළමනාකරණ කමිටුව පත් කිරිම ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍යවරයාගේ මුලකත්වයෙන් මහනුවර දිස්ත්‍රික් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති කමිටු වැඩපිළිවෙල හදුන්වා දිමේ වැඩසටහනින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
popular news
-
Deepal Nirosh Wednesday, 07 July 2021 01:59 PM
දැන් තිබෙන බස් රථවලටත් අව්‍යශ තරම් දෛනික ගමන් වාර ගණනක් නැහැ. බස් සේවකයන්ට සේවයක් ලබා නො ගෙනම මූලික වැටුප ගෙවනවා. රටේ ඩොලර් හිඟයක් මතුවෙලා තිබෙන මේ වෙලාවෙ තවත් අතිරේක බස් රථ ගෙනැවිත් නව සේවකයො බඳවාගෙන රජයට වියදම් දරන්න පුළුවන් ද? ජනතාවත් දැන් හැකිතාක් පොදු ප්‍රවාහන සේවා භාවිතය අවම කරලයි තිබෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

