කොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු කරමින් සිටි නාවික හමුදා සෙබළෙක් එහි ඉහත මාලයෙන් වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු බළකාය මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පවතින අතර ඊයේ (26දා) එහි අලුත් වැඩියා කටයුතු කරමින් සිටි හමුදා සෙබලෙක් මෙසේ බිමට වැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මරණකරු අවුරුදු 34ක් වන කන්දකැටිය පදිංචිකරුවෙකි.