ගස් ලබු වගාවකට වස ගසලා
තමන් දුක් මහන්සියෙන් වගා කර ගෙඩි හටගනිමින් තිබූ ගස් ලබු වගාවට යම් කිසි පුද්ගලයෙකු විසින් වල් නාශක ගසා විනාශ කර දමා ඇති බව පවසමින් ගිරිතලේ පුරාණගම ගොවියෙකු විසින් ඊයේ (26දා) දින පැමිණිල්ලක් දමා ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ වල් නාශක ගසා විනාශ කර ඇත්තේ ගිරිතලේ බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ජල පාලක වන එච්. එම්. ජයසුන්දර නැමැති ගිරිතලේ පදිංචි පුද්ගලයෙකුට අයත් ගස් 130ක් පමණ වූ ගස් ලබු වගාවටය.
“කුඹුරේ රුපියල් තිස් දාහක් විතර වියදම් කරලා ගස් ලබු ගස් 130ක් හැදුවා. මේවන කොට ගෙඩි කඩමින් තමයි තිබුණේ. තව පැල 50කුත් හැදුවා. ඊයේ උදේ මං කුඹුරට ඇවිත් බලනකොට ගස් ලබු ගස් ඔක්කොම ටික පිච්චිලා ගිහින් හොයලා බලපුවාම ඒ අවට සියලුම ගස් මැරිලා. පස්සේ මං කෘෂිකර්ම මහත්තයා එක්ක ඇවිත් පෙන්නුවා. ඒ මහත්තයා කිව්වා වල් නාශක වගයක් ගහලා එකයි මේ ගස් පිච්චිලා තියෙන්නේ කියලා.
ගිය කන්නෙත් මාගේ පල දරමින් තිබුණ ගස්ලබු ගස් 100ක් කව්දෝ කපල දාලා ගිහින් තිබුනා. මට දැන් වයස 76ක් මං මේ වගාව කරන්නේ ආසාවටයි. මාත් එක්ක කවුරු හරි තරහක් තියෙනවා නම් මාව මරලා දැම්මා නම් හරි මේ ගස් පලි නැ එකට. ගිය ගමනත් මං සද්ද නැතුව හිටියා. නමුත් මේ ගමන නම් මට ඉසන්න බැරිම තැන මං ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.

මේවා සහගහන අපරාධ ගස් කොළං විනාශ කරනවා කියන්නේ මහා පාපයක්. අනේ දැන් මේ ගස්ලබු සතෙක් කෑවාත් මැරෙනවා මිනිස්සු කැවත් මැරෙනවා. මෙහෙම දෙවල් මොන හිතකින් කරනවාද දෙයියනේ. මං කියන්නේ මෙවැනි උන් හොයලා දඩුවම් දෙන්න කියලා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
