ගසක් කඩා වැටිමෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල මැයි මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු (18) දින පස්වරු 3.30 සිට පස්වරු 4.30 දක්වා පැයක කාලයක් ඇණහිටි බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන නගරයට ආසන්නයේ හින්දු කොවිල අසල පිහිටි මැයි මාර ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු බවත් , කඩා වැටුණු මැයි මාර ගස කපා ඉවත් කිරිමේ කටයුතු ගිනිගත්හේන පොලිසියේ නිලධාරින්, මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් එක් කපා ඉවත් කර ඇත.
තවදුරටත් මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයට පස් කදු සහ ගස් කඩා වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුන්ගෙන් ඉල්ලා සිටියි.
පවතින අධික වර්ෂාවත් සමග අද දින පස්වරුවේ සිට කැනියොන් සහ ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුව බැගින් විවෘත කල බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

