ගුවනින් විෂබීජ නාශක ඉසීම සඳහා ගුවන්යානා නවීකරණය කරයි
කොරෝනා - 19 වෛරසය තවදුරටත් ශ්‍රී ලංකාවේ පැතිරයන්නේ නම් වැඩිපුරම වෛරසය පැතිරයන ප්‍රදේශ ජීවානුහරණය කිරීම සඳහා විෂබීජ නාශක ගුවනින් ඉසීම අවශ්‍යවුවහොත් ඒ සඳහා යොදා ගැනීමට මෙලෙස ගුවන්යානා සූදානම් කර තිබේ.
ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් යටතේ කටුනායක ගුවන් පර්යන්තය හා රත්මලානේ ගුවන් යානා ඉංජිනේරු ආධාරක අංශය මෙම යානා සකසා ඇත.
ගුවන් හමුදාව පවසන්නේ විෂබීජ නාශක ඉසිනයන් බෙල් 212, බෙල් 412 සහ එම්අයි 17 හෙලිකොප්ටර් යානාවලට සවිකිරීමෙන් විශාල ප්‍රදේශයක් කඩිනමින් ජීවානුහරණය කළ හැකි බවයි.

popular news
-
anura Tuesday, 24 March 2020 11:57 AM
මේ ක්‍රියාව කොතරම් ප්රඥාගෝචර ද කියා සළකා බැලීම වටී. එයට හේතු දෙකක් ඇත. මෙම ඉසින ද්‍රව්‍ය පොළව මට්ටමට ළඟා වන විට ඉතා තුනී මට්ටමට ළඟා වන නිසා එයින් ජීවාණුහරණයක් වේවිද යන්න සැක සහිතය. ඒ සමගම පොළව මත සිටින මිනිසුන් හා අනෙකුත් ජීවීන්ට මෙය කවර ආකාරයකින් බලපායීද යන්න ගැනද අධ්‍යයනයක් කළ යුතුය. සමහරවිට මිනිසෙකු මත වසා සිටින මැස්සෙක් එළවීමට පොරවක් භාවිතා කළා වැන්නක් ද විය හැක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

