ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නිරෝධායනය වෙමින් සිටි නේවාසිකයින් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මිට පෙර මෙකි වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.ඒ සමග මෙහි සිටි නේවාසිකයින් 54 දෙනෙකු වැඩිහිටි නිවාසය තුල නිරෝධායනය කිරිමට කටයුතු කරණු ලැබිය.
නිරෝධායන කාලය අවසන් විමට පෙරදින 14ක දි කළ පි.සි.ආර්. පරික්ෂණයේ දි නේවාසිකයින් 12 දෙනාට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
ආසාදිත නේවාසිකයින් රෝහල්ගත කිරිමට පියවරගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි. මිට පෙර මෙකි වැඩිහිටි නිවාසයේ සිටි රෝගි කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගිය අතර මිය යාමෙන් පසු ඇයට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබුණි.
ඊයේ (09) දිනය තුල ගාල්ල නගරසභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 33 දෙනෙකු වාර්තා වි තිබුණි.