ගාල්ලේ වැඩිම කොරෝනා ආසාදිතයින් බලපිටියෙන්
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර්තා වි ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා කාලය තුලදි ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනකු අම්බලන්ගොඩ හා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුලින් පිළිවෙළින් කොරෝනා ආසාදිතයින් 10,11 බැගින් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි.
අනික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් වාර්තා වි ඇත්තේ පහකට අඩුවෙන් බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් 73දෙනෙකුම පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළට සම්බේද ආශ්‍රිතයින් බව පවසන ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා කොළඹ නැව්තටාංගන පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 38 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 04 දෙනෙකු සිටින බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

