ගම්පහ විභාග ශාලා පරීක්ෂකවරියකට කොවිඩ්
උසස් පෙළ විභාගය පැවති ගම්පහ නගරයේ පාසලක විභාගශාලා පරීක්ෂකවරියක් සහ ඇයගේ සැමියා කොවිඩ් 19 ආසාදිතයින් බවට පී.සී.ආර්. පරීක්ෂාවේදී තහවුරුවී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන එම ගුරුවරියට සහ ඇගේ සැමියාට ඇතිවූ රෝග ලක්ෂණ මත පී.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීමේදී කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් ඔවුන්ට රෝගය වැළඳීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මාළු ගෙන ඒම පිණිස පෑලියගොඩ මත්ස්යය වෙළඳසලට ගොස් ඇති බව අනාවරණය වූ බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
මේ අතර මෙම පරීක්ෂකවරිය කටයුතු කළ විභාග ශාලාවෙහි විභාගයට පෙනී සිටි සිසුන් 40 දෙනෙකුගේ තොරතුරු ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලබාදීමට පියවර ගත් බව ගම්පහ කලාපය භාර අධ්‍යාපන අධ්යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි මහතා සදහන් කළේය.
එම යුවල ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර එම විභාගශාලා පරීක්ෂකවරිය කටයුතු කළ විභාග ශාලාවෙහි විභාගයට පෙනී සිටි සිසුන් මෙම 31 වෙනි දින පී.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇත.
popular news
-
බණ්ඩාර Tuesday, 27 October 2020 09:40 PM
විභාගයට ලියන ළමයෙකුට කොවිඩ් හැදුනොත් අධ්‍යාපන ඇමති වරයා වගකිවයුතුයි. පෑලියගොඩ මාළු වෙළඳපලට ගිය ය ඉදිරිපත් වෙන්න කියල හමුදාපතිතුමා දින ගණනකට කලින් නිවේදනය කලා. එතකොට මේ කියන යුවල නිරෝධායන නීති උල්ලඝනය කරලා. කෝ දඬුවම්?.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

