කොවිඩ් රෝගීට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම ඉතා සාර්ථක බවත් මේ වන විට දේශීය හා බටහිර ප්‍රතිකාර යටතේ සුවය ලැබීමෙන් පසුව විවිධ සංකූලතාවන් ඇතිවුවහොත් ආයුර්වේදය යටතේ ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබී ඇති බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.
කොරෝනා රෝග තත්ත්වය සුවවීමෙන් පසුව සංකූලතා ඇතිවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිනිස යක්කල ආයුර්වේද ශික්ෂණ රෝහලේ " පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් " ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
මෙහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
" විශේෂයෙන්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සදහා අපගේ ආයුර්වේද රෝහල් පද්ධතිය තුල ගෙන ගිය වැඩපිළිවෙල අතිශය සාර්ථකයි. ඒ නිසාම කොවිඩ් පසු රෝග සංකූලතා ඇතිවන පිරිස වෙනුවෙන් ඉතා ශක්තිමත් ප්‍රතිකාර ක්‍රමයක් දේශීය වෛද්‍ය ක්‍රමය තුල පවතින බව සහතිකයි. කොවිඩ් පසු සංකූලතාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම පිනිස මෙවන් ඒකක දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනව.
අපගේ මෙම වෛද්‍ය ක්‍රමය තුල ජයග්‍රහණ ලබමින් සිටින මුත් ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලවලට ලැබෙන පහසුකම්, බටහිර ක්‍රමයට ලැබෙනවාට වඩා අඩුයි , ආයුර්වේද කාර්ය මණ්ඩලය විශාල කැපකිරීමක් කළත්. ඉදිරියේදී දේශීය වෛද්‍ය ක්ෂේත්රයට පහසුකම් ලබා දීමට පියවර ගනු ලබනව. අවාසනාවකට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට යම් මුදලක් වෙන්වූ විට කුලප්පු වෙන්න ඕනතරම් ඉන්නව. නමුත් මේ ආයුර්වේදය ක්‍රමය ඇති අපහසුකම් පිළිබඳව අවධානය යොමු කරන පිරිස ඉතා අඩුයි. "
ගම්පහ තිලකරත්න දිසානායක