ගම්පහ රෝහලේ හෙද වර්ජනය අත්හිටුවයි
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , පාලනාධිකාරිය සමඟ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් අරඹා තිබූ වැඩ වර්ජනය අවසන් කොට ඇත.
මෙම රෝහලෙහි හෙද හෙදියන් 427 දෙනෙකු කටයුතු කරන අතර මේ අතුරින් සේවාමුර අනුව සේවයට වාර්තා කොට හදිසි ප්‍රතිකාර හැර සෙසු සියලුම කටයුතුවලින් පැවති තත්ත්වය මත දින තුනක් සේවා කටයුතුවලින් බැහැරව සිටි අතර අද (13) සිට සාමාන්‍ය පරිදි සේවා කටයුතු ආරම්භ කළහ.
පැවති තත්ත්වය සම්බන්ධයෙන් හෙද සංගම් නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකින් පසුව සාමාන්‍ය පරිදි හෙද හෙදියන් සේවා කටයුතු ආරම්භ කොට ඇති බව කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය.
මෙම සාකච්ඡාව බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධර්මසේන, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ධම්මිකා ජයලත්, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂිකාවෛද්ය චන්ද්‍රා සේනාරත්න, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ ,නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම යන මහත්ම මහත්මීන් සහ හෙද සංගම් නියෝජිතයින් සමග පවත්වා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

