ගම්පහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ වර්ජනය තවදුරටත්
බදවා ගැනීමේ පරිපාටියට පටහැනිව බහු කාර්ය සාධක විශේෂ කාර්ය සාධන බලකායෙන් රෝහල් තනතුරු සඳහා පත් කිරීමට විරෝධය පළ කරමින් අද (20) දෙවන දිනටත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද සෞඛ්‍ය කාර්ය සහායකයින් වර්ජනයේ නිරත වූහ.
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව මගින් මෙම වර්ජනය සංවිධානය කොට තිබු අතර වර්ජනයට එක්ව සිටි ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්. කේ.පී. රත්නායක මහතා සදහන් කර සිටියේ මෙම වැඩ වර්ජනයට ගම්පහ රෝහලෙහි විදුලි සෝපාන සහ මෘත ශරීරාගාර සේවකයින් හැර අන් සියලුම සෞඛ්‍ය කාර්ය සහායකයින් එක්ව සිටින බවත් මෙම වර්ජනය අද දිනයේද , සංකේත වැඩ වර්ජනයක් ලෙසින් පැවැත්වෙන බවත්ය.
වර්ජනය තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , අපහසුතා මධ්‍යයේ රෝගී සත්කාරක කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

