ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් වාර්තා විම ඉහළට
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 342 දෙනෙකු හමුව ඇති බවත් මින් 70 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ඊයේ උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 57,815 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම බියගම සහ වත්තල - 51දෙනෙකු බැගින්, දිවුලපිටිය - 28 ක්, දොම්පෙ - 25 ක්, මීරිගම සහ කැලණිය - 17 දෙනෙකු බැගින්, රාගම - 16 ක්, ගම්පහ සහ අත්තනගල්ල කොට්ඨාසයන්ගෙන් - 15 දෙනෙකු බැගින්, මීගමුව - 13 ක්, සීදූව - 11 ක්, මිනුවන්ගොඩ - 8 ක්, ජාඇල - 3 ක් සහ කටාන දෙදෙනෙකු වශයෙන් වාර්තා වී ඇත.
එම කාලය තුල ආසාදිතයින් 203 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති අතර කොරෝනා රෝගීන් බවට සැක කෙරෙන 70 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,222 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
ගම්පහ තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

