ගම්පහ ගංවතුර අවදානම අවම කිරිමට පියවර
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රදේශ ගණනාවකට ගංවතුර බලපෑමට හේතු වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නම් ඉදිරියේදී මෙවන් ආපදා තත්ත්වයක් ඇති නොවන පරිදි , මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කර සුදුසු පරිදි ඉදිකිරීම් සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ අධික ගංවතුර තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු හා යළි එවන් තත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු දිගුකාලීන පිළියම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සාකච්ඡාවේදීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවති අතර ගංවතුර තත්ත්වය ඇතිවීමට බලපෑ හේතු හා ඊට අදාළ විසඳුම් සම්බන්ධ යෝජනා ලිඛිතව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමටත් එම යෝජනා දිස්ත්‍රික් ලේකම් මගින් අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කර අවශය පියවර කඩිනමින් ගැනීමටත් මෙහිදී තීරණය කෙරිණි.
මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, මීරිගම, අත්තනගල්ල, ගම්පහ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගංවතුර ඇති වූ ප්‍රදේශවල තමන් සංචාරය කළ බවත් මෙහිදී ජනතාව විසින් පෙන්වා දෙනු ලැබුවේ අධිවේගී මාර්ගය සකස් කිරීම හේතුවෙන්ද කිසිදා ඇති නොවූ ගංවතුර තත්ත්වයක් එම ප්‍රදේශවලට බලපෑ බවත්ය.
රටේ සංවර්ධනයක් සිදු විය යුත්තේ ජනතාවට හානියක් නොවන පරිද්දෙන් බව රජයේ ස්ථාවරය බව සඳහන් කළ අමාත්‍යවරයා සිදු වූ හානියේදී ජනතාවට සහන සැලසීම පිණිස අධික වැය බරක් දැරීමට සිදු වූ බව ප්‍රකාශ කළ අතර ගංවතුර තත්ත්වයක් ඇති වීමට බලපෑ හේතූන් සොයා බලා ඊට වගකිව යුතු රාජ්‍ය ආයතන  මගින් මෙවන් තත්ත්වයක් ඇති නොවීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති බව පෙන්වා දෙනු ලැබීය.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ මහජනතාවගේ මතය අනුව ගංවතුර තත්ත්වයට හේතු වූයේ මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් නම් ඉදිරියේදී මෙවන් ආපදාවක් ඇති නොවන පරිදි මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කර ඉදිකිරීම් ඉදිකිරීම්වලට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු තමාට දැනුම් දී ඇති බවය.
මෙම අවස්ථාවට සහභාගිවූ ජනතා නියෝජිතයින් සහ ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කර සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පවතින බාධාවන්ට අමතරව වාරි ඇළ මාර්ග ද පිළිසකර කිරීමේ අවශ්‍යතාවක් පවතින බවය.
ගංවතුර ඇතිවීමට අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු එතරම්ම බලපෑමක් නොවූ බව අදාල රාජ්‍ය ආයතන නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබූ අතර තැනීම් කටයුතු සදහා යොදා ඇති තාවකාලික මාර්ගය කටයුතු නිමාවත් සමග ඉවත් කෙරෙන බවද පැවසූහ.
තිලකරත්න දිසානායක 
 
popular news
- 
                            
Kumar Sunday, 20 June 2021 08:12 PM
This minister is talking BS. Gampaha is prone to flooding all the time. Only place that doesn't flood is the temple. These guys are trying to make a change and get their cut. Usually these are designed by a consultant and if the consultant screw-up, the consultant pay to fix it.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                