ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (7) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 236 දෙනෙකු හමුව ඇති බවත් මින් 51 දෙනෙකු වන වැඩිම පිරිසක් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම බියගම - 36 ක්, දොම්පෙ - 32 ක්, කටාන සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් - 19 දෙනෙකු බැගින් , දිවුලපිටිය - 18 ක්, මීරිගම - 14 ක්, ගම්පහ - 11 ක්, සීදූව - 9 ක්, මහර - 8 ක්, ජාඇල සහ රාගම කොට්ඨාසයන්ගෙන් - 6 ක්, මිනුවන්ගොඩ - 4 ක් සහ අත්තනගල්ල කොට්ඨාසයෙන් - 3 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 තුල ආසාදිතයින් 42 දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම පිරිසක් ආයෝජන කලාපය බියගමින් - 21 ක්, කටුනායකකින් - 16 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 5 දෙනෙකු වශයෙන් හමුව ඇති බවත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 16,935 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරීක්ෂාවට භාජනය කොට ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,19,874 දෙනෙකි.
ගම්පහ තිලකරත්න දිසානායක.