ගිනිගත් නැව නිසා පිඩාවට පත් ධිවරයින්ට දැනුම් දිමක්
- 31 05 2021
- 15:57
- {{hitsCtrl.values.hits}} views
- ..
මීගමුව, මා ඔය ප්රදේශයේ සිට පානදුර දක්වා තහනම් කළ කලාපයක හැර සෙසු මුහුදු ප්රදේශවල ධීවර කටයුතුවල නිරත වීම සඳහා හෙට(01) සිට ධීවරයින්ට අවස්ථාව හිමි වේ.
ධීවර අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මීගමුව කලපු ප්රදේශයේ ධීවර කටයුතුවල නිරත වීම තවදුරටත් තහනම් වන බවයි.
එක්ස්ප්රස් පර්ල් නෞකාවේ ගින්නත් සමග සාගරයට විෂ රසායනික මුසුවීම හේතුවෙන් ධීවර කටයුතු තාවකාලිකව නතර කරනු ලැබුවේ ය.
මා ඔය ප්රදේශයේ සිට කිලෝමීටර 2 ක්, මීගමු කලපුවේ සිට කිලෝමීටර 6 ක්, නෞකාව ගිනිගත් ස්ථානය ආශ්රිත කිලෝමීටර 16 ක්, ගල්කිස්සේ සිට කිලෝමීටර 4 ක් සහ පානදුරයේ සිට කිලෝමීටර 2 ක් ලෙස තහනම් කලාපය වෙන්කර ඇත.
එලෙස තහනම් කලාපය ලෙස නම් කර ඇත්තේ, නෞකාවේ සුන්බුන් සහ විෂ රසායන අඩංගු යැයි අනුමාන කෙරෙන ප්රදේශයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
