ගතවු පැය 24ක් තුළ බස්නාහිර පළාතෙන් 334 දෙනෙකු අත්අඩංගුවට
- 30 08 2020
- 10:40
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (29) උදෑසන 06.00 සිට අද (30) අලූයම 05.00 දක්වා ගතවූ පැය 24 ක කාලය තුළ මෙම වැටලීම් සිදුකළ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 142 දෙදෙනෙකු, ගංජා සන්තකව සිටි සැකකරුවන් 87 දෙනෙකු, නීතිවිරෝධී මත්පැන් සන්තකව සිටි සැකකරුවන් 81 දෙනෙකු සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 09 දෙනෙකු වන බවද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
