ගෝඨාගේ රැස්වීම්වලට ජනපති මෛත්‍රී නෑ
ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළද කිසිදු රැස්වීමකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මෙවර මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බවත්, මේ නිසා පක්ෂ සභාපති තනතුරේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා පත්කර තිබෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පළාත් පාලන ආයතන මට්ටමින් රැස්වීම් තුන්සිය හතළිස් එකක් හා කොට්ඨාස මට්ටමින් රැස්වීම් එකසිය පනහක් ඇතුළුව ප්‍රධාන රැස්වීම් ගණනාවක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම්වලටද සහභාගි වන බවත් ඔහු පවසා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සියලුම ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පොදු තීරණයකට එළඹ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

popular news
-
Champa Monday, 14 October 2019 04:57 AM
හා හා හා චන්ද පතිඵලය දැනටම කියන්න පුළුවන්.
Reply : 1 1
මුණසිංහ Monday, 14 October 2019 01:52 PM
ෙකාෙහමටත් එ් රැස්වීමිවල ට යන්න මෙයාට ඉඩකුත් නැහැ. පහුගිය කාලයේ හැසිරුණු විදියට. හූව ජයට මලැෙබ්වි
Reply : 0 1
lion Monday, 14 October 2019 02:07 PM
මෙයාව විශ්වසකරන්න එපා
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

