ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1458 ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව රුපියල් 1,000,000ක්පරිත්යාග කර තිබේ. අදාළ චෙක්පත BMICH හිදී පැවති අමරපුර මහා නිකායේ ආදිකර්තෘන්වහන්සේ සැමරුම් උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.
ගුවන් හමුදාවේ විශ්‍රාමික උපදේශක ඒ.එම්. කුලතුංග බණ්ඩාර මහතා රුපියල් 50,000ක්, අයිරින් පෙරේරා මහත්මිය රුපියල් 5,000ක්, ඩී.එම්.කේ. දිසානායක මහතා රුපියල් 46,400ක්, ඩී.එල්.චන්ද්‍රදාස මහතා රුපියල් 5,000ක්, කොත්මලේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය රුපියල් 28,400ක්, විශේෂඥ වෛද්‍ය එන්.ඩබ්.ජේ.කේ. ප්‍රේමදාස මහතා රුපියල් 173,977ක් සහ විශේෂඥ වෛද්‍ය ඒ.කේ. බණ්ඩාරනායක මහතා රුපියල් 171,133ක් පරිත්‍යාග කළහ.
දැන් ඉටුකම COVID - 19සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,458,345,529.45 කි.
