නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ගෙවීගිය මාස හතක කාලය තුළදී නීතිවිරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගත් පුද්ගලයන් 1100ක ප්‍රමාණයක් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම පුද්ගලයන්ගෙන් 325 දෙනෙකු මත්ද්රව්යජාවාරම්වලට සම්බන්ධ පිරිස් බවත්,ඉන් කිහිප දෙනෙකු මේ වනවිට අත්ඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී දේපළ හා වත්කම් හිමි කරගත් පුද්ගලයන් ඇතුළුව නීති විරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගත් පුද්ගලයන් 21 දෙනෙකු ගෙවීගිය මාස 07කට අධික කාලයක් තුළදීඅත්අඩංගුවට ගෙන තිබෙනබවද ඒ මහතා සඳහන් කළේය.
ඔවුන් සතුව තිබූ රුපියල් කෝටි 78කට වටිනාකමකින් යුත් දේපළ හා බැංකු ගිණුම් තහනම් කිරීමට කටයුතු කර තිබෙනබවත්, මෙම දේපළ අතර නිවාස, ඉඩම්,ස්වර්ණාභරණ හා බැංකු ගිණුම් ඇතුළත්බවත් හෙතෙමපවසා සිටියේය.
මීට අමතරව නීති විරෝධී ලෙස වත්කම් හා දේපළ උපයාගත් බවට චෝදනා එල්ල වී සිටින අනෙකුත් පිරිස් පිළිබඳ විශේෂ විමර්ශන කටයුතු සිදුවෙමින් තිබෙන බවත්,මෙහිදීසිදුකර තිබෙන නීති විරෝධී ක්‍රියාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට වත්කම් හා දේපළ සම්බන්ධයෙන් වෙනම නීතිය ක්‍රියාත්මක කරන බවත්ජ්යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මගින් මත්ද්‍රව්‍ය හා මද්‍යසාර ජාවාරම්කරුවන් පිළිබඳවත්, මිනිස් ජාවාරම් ඇතුළු ජාවාරම් ක්‍රියා 18ක් සම්බන්ධයෙනුත් විමර්ශන කටයුතු සිදු කෙරේ. මීට පෙර මෙම කටයුතු සිදු කෙරුණේඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයක් මගිනි.
එහෙත් පසුගිය ජූලි මාසයේදී නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය නමින් වෙනම ඒකකයක් පිහිටුවනු ලැබිණි.