කෝටි දෙකහමාරක දුම්වැටි රේගු භාරයට
යන්ත්‍රෝපකරණ සහ යන්ත්‍රෝපකරණ උපකරණ ලෙස ප්‍රකාශ කරමින් , චීනයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ රුපියල් දෙකෝටි හතලිස් අට ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් අඩංගු බහාලුමක් අද දින රේගු මධ්‍යම භාණ්ඩ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ වරායේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
චීනයේ නිෂ්පාදිත දුම්වැටි 276,000 ක් මෙම බහාලුම තුළ වූ පෙට්ටි 60 ක අසුරා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .
මහනුවර ගෙළිඔය ප්‍රදේශයේ පදිංචි ආනයනයකරුවෙකුගේ නමට මෙම අඩි 40 ක් දිග බහාලුම එවා තිබූ අතර , මෙහි යන්ත්‍රෝපකරණ සහ යන්ත්‍රෝපකරණ උපකරණ අඩංගු පෙට්ටි 1,450 ක් ඇති බවට රේගුවට ප්‍රකාශ කර තිබුණි .
මෙම දුම්වැටි තොගය රේගුවෙන් පිට කර ගෙන යාමට මෙම ආනයනයකරු සමත් වූයේ නම් , එයින් ශ්‍රී ලංකාවට අහිමි වන බදු ආදායම රුපියල් දෙකෝටි පන් ලක්ෂයක් වන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම නීතිවිරෝධී දුම්වැටි ආනයනය පිටුපස , මෙම ආනයනකරුට අමතරව තවත් පිරිසක් ද සිටින බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන ඇති අතර , ඔවුන් අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
popular news
-
Rocky Thursday, 24 June 2021 05:29 AM
cheenaage pihita thamayi !! Cheenang Saranang Gachchaaaami!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

