ශ්රී ජයවර්ධන ජයවර්ධනපුර කෝට්ටේ මහදුවේ තෙත් බිමක් හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සොහොයුරැ ඩඩ්ලි සිරිසේන මහතාට පසුගිය රජයන් විසින් පවරා දීම හා වර්ථමාන රජය විසින් මිශ්ර සංවර්ධනයට යයි කියා නගරසභා ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට විරෝධය පාමින් සංවිධානය කල විරෝධතාවක් අද 10 කෝට්ටේ මහ නගරසභා පරිශ්රයේ පැවැත්විණි.
කෝට්ටේ ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු නාගරික මන්ත්රී අරෝශ අතපත්තු මහතා විසින් සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයේදී වැලිකඩ පොලිසියේ ඉඩම ඊට යාබද ඉඩම,නුගේගොඩ වෙළ ද සංකීර්ණය යන ස්ථාන සම්බන්ධයෙන්යෙන් වී විරෝධතා දැක්වූහ
ඉහත කී ඉඩම් පසුගිය සහ වර්ථමාන රජයේ මැදිහත් වීමෙන් මිශ සංවර්ධනයට යුඩී එකට පවරාගෙන ඇති ඇති අතර මෙම විරෝධතාවයට බැනර් පුවරු ප්රදර්ශනය කරමින50 ක පක පමණ පිරිසක් සම්බන්ධ වී සිටියහ
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා