කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ සිදුවිම සම්බන්ධයෙන් මහජනතාව බිය විය යුතු නෑ
කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වීම සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනර් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පවසයි.
අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත නාවික සෙබලූන් පිරිසක් මෙම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බවත් ඔවුන් කිසිසේත්ම සමාජය සමඟ විවෘත ගණුදෙනු සිදු නොකළ බැවින් මෙය එතරම් ගැටලුවක් නොවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
එම ස්ථානයේ සිටි පිරිස මේ වන විටත් අවශ්‍ය නිරෝධායන ක්‍රියාවලින් සඳහා යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් නව්‍ය කොරෝනා ආසාදිත නාවික සෙබලා හමුවූ කොළඹ ගෆුර් ගොඩනැගිල්ල මේ වන විට හුදෙකලා කර තිබේ.

popular news
-
Champa Thursday, 28 May 2020 09:33 PM
කිසි ප්‍රශ්නයක් නැහැ. නාවුක හමුදාව විශාල වශයෙන් කොවිඩ්-19 රෝගයට ගොඳුරු වීම ගැන කණගාටුයි. රෝගී වූ හැමෝමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
Reply : 0 0
Don Thursday, 28 May 2020 10:45 PM
ඔක්කොම ලොක්කෝ කිව්වේ අනිසි බියක් හෝ එයාල ගැන අනිසි සැකක් ඇතිකර ගන්නේ නැතිව ඉන්න කියල.නමුත් සාමාන්‍ය අංක ගණිතය හදාරපු අපිට පේනවා අප්‍රියෙල් 20 දා මැතිවරණයට දින ප්‍රකාශයට පත්කරනවිට CORONA ආසාධිතයෝ හිටියේ 268 යි.දින 38 කට පස්සේ 1503, ඒ කියන්නේ දිනකට සාමාන්‍ය රෝගීන් ගණන 32 කට වැඩි ගණනක්, පරීක්ෂණ ගණන පැත්තකට දැම්මත්, රෝහල්වල වෙන රෝගීන් බලන්න වෙන්නේ නෑ. Gaffoor ගොඩනැගිල්ලේ එක්කෙනෙක් හිටියම එහෙම නම් චන්දපොලේ දෙන්නෙක් විතර උන හැදිලා අහුවුනොත් කපෝති.
Reply : 0 0
janabala Friday, 29 May 2020 09:18 AM
නාවික හමුදාවට ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැක කල පහල වෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

