කල වැරැද්ද පෙන්වා දීමට ගිය මොරගහහේන පොලීසියේ කොස්තාපල් වරයෙකුට කන හරහා පහරදුන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 13 වෙනිදා මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේ දී හිටපු ප්‍රාදේශීය බව මන්ත්‍රීවරයා ටිපර් රථයක යමින් සිට ඇති අතර එම ටිපර් රථය කැබ් රථයක ගැටී අනතුරට ලක් වී ඇත
එහෙත් ටිපර් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර කැබ් රථ රියදුරු ඒ බව එම ප්‍රදේශයේ රාජකාරියකට පැමිණ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ට පැවසීමෙන් අනතුරුව ඔහු පහර කෑ කොස්තාපල්වරයා සමගම ටිපර් රථය පසුපස හඹාගොස් එය නවතා තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි
පොලිස් නිලධාරීන් ටිපර් රථය නැවතීමත් සමඟ එයින් බිමට බැස ඇති හිටපු මන්ත්‍රීවරයා ඇයි යකෝ උඹලා මාව දන්නෙ නැද්ද ? උඹලා...... පොලිස් යැයි පරුෂ වචනයක් පවසමින් පොලිස් කොස්තාපල්වරයාගේ දකුණු කනට වැරෙන් පහර දී ටිපර් රථයේ නැග පිටව ගොස් ඇත
එම පහරදීම සම්බන්ධයෙන් උප පොලිස් පරික්ෂකවරයා සහ කොස්තාපල්වරයා ස්ථානාධිපතිවරයාට පවසා ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ දැඩි කලකිරීමට පත්ව ඇතැයි දැනගන්නට ඇත
එම පහර දීමෙන් කොස්තාපල්වරයාගේ කන මේ වන විට ආබාධ තත්වයකට පත්ව ඇතත් ඔවුහු රෝහල්ගත වීමට ඉදිරිපත් නොවන්නේ ඔහු ආධුනික කොස්තාපල්වරයෙක් නිසාවෙන් සහ උසස් නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් යැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
පහර දුන් බව කියන මන්ත්‍රීවරයා මීට පෙරද පොලිස් නිලධාරීන් කීප දෙනකුට මෙන්ම සාමාන්‍ය පුද්ගලයන්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බවත් වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි