කොවිඩ් 19 ආසාදිතයකු ආහාර ලබාගත් හොරණ නගරයේ අවන්හලක් තාවකාලිකව වසා දමයි
අඟුරුවාතොට මංගල එදිරිසිං
කන්දකාඩුව මධ්‍යස්ථානයට සම්බන්ධ පිළියන්දල ප්‍රදේශයේ හමුදා නිලදාරියෙකුට කොව්ඩ්19 ආසාද වී ඇති බවට ඊයේ ජූනි දාහතර(14) හඳුනාගැනීමෙන් අනතුරුව පසුගිය ජූලි 05 දින ඔහු සහ බිරිඳ ආහාර පාන ලබා ගත් හොරණ නගරයේ සුදේරිස් සිල්වා මාවතේ අවන්හලක් අද (15)දින තාවකාලිකව වසා දමා එහි දී ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කළ එම අවන්හලේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ඔවුන්ගේ නිවෙස් තුළ ස්වයං නිරෝධායනය ට ලක් කිරීමට කටයුතු කළ බැව් හොරණ නගර සභා සෞඛ්‍ය අංශ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනිල් කුමාර මහතා පැවසීය .
ඔහු සහ බිරිඳ ආහාර ලබාගත් අදාල අවන්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනාගේ පී.සීආර් පරීක්ෂන ඉදිරියේදී ලබා ගැනීමට නියමිත බවත් ඔවුන් යාල සෙනසුන් ගොඩ හා රත්මල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .
දෙවෙනකොරෝනා රැල්ල ආරම්භ වී ඇති මේ මොහොතේ හොරණ නගරයට පැමිණෙන ජනතාවගෙන් නිරන්තරයෙන් මුව ආවරණ පැළඳීම සිදුකරන ලෙසත් දුරස්ථභාවය තබාගෙන කටයුතු කිරීම , දෑත් සේදීමට කටයුතු කරන ලෙසත් නගරය තුළ තැන තැන කෙළ ගැසීමෙන් කුණු කසල දැමීමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක කුමාර මහතා පැවසීය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
