කොරෝනා වසංගතය සම්බන්ධ සංචරණ සීමා හා සෞඛ්‍ය නිර්ණායක ලිහිල් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ කිසියම් බලපෑමකට යටත්වද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඔමික්‍රෝන් ඇතුළු වෛරස් ප්‍රභේද ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති තත්ත්වයක මෙවැනි ක්‍රියාමාර්ග නිසා රට ඉදිරියේදී අර්බුදයකට ලක්වනු ඇති බවද ඒ මහතා අවධාරණය කරයි.
"කොරෝනා වසංගතයේ ඔමික්‍රෝන් ආසාදිතයින් රට තුළ හමුවෙද්දීත්, උත්සව සමයේදී මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරද්දීත්, මෙවැනි විශාල අවදානමක රට තියෙද්දීත්, තවදුරටත් මේ සංචරණ සීමා සහ නිරෝධායන නීති ලිහිල් කිරීම කෙතරම් දුරට සාධාරණද සහ ප්‍රායෝගිකද කියන දේ පිළිබඳ බරපතළ ගැටලුවක් නිර්මාණය වෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය බලධාරීන් මේ ලිහිල් කිරීම සිද්ධ කරේ ඇත්තටම කොවිඩ්-19 වසංගතයේ දත්ත පදනම් කරගෙනද, නොඑසේ නම් වෙනත් කාගේ හෝ බලපෑමකට කියන බරපතළ ගැටලුවක් අපිටත් නිර්මාණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් ඉදිරියේ දී රට තුළ කොවිඩ් -19 වසංගතය නිසා ව්‍යවසනයක් නිර්මාණය වීමට නියමිතයි. මේ තත්ත්වය යටතේ මහජනතාව උත්සව සමය සමරා අවසන් වූ වහාම රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන් ගනීවි. මේ වනවිටත් ජනමාධ්‍ය හා නිල වශයෙන් වාර්තා කරන සංඛ්‍යා ලේඛනවලට වඩා විශාල රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමින් වාර්තා වෙනවා." යැයි උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.