කොවිඩ් පිළිබද නව වාර්තාවක් සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා පාර්ලිමේන්තුවට
සෑම පාර්ලිමේන්තු සතියකම අගහරුවාදා දිනයේ දී කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රජය යාවත්කාලීන නැතැයි කීම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරිය ,රටේ පවතින කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නැගූ ප්‍රශ්න සඳහා වාර එකොළහක් පමණ පිළිතුරු ලබා දී ඇති බවත් ඊට අමතරව අනෙකුත් අමාත්‍යවරු නැගූ ප්‍රශ්න සඳහා පහළොස්වතාවක් පමණ තමා පිළිතුරු දී ඇති බවද සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරයා විසින් හෝ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් සෑම පාර්ලිමේන්තු සතියක් ආරම්භයේදී ම රටේ පවතින කොවිඩ් වංසගත තත්ත්වය පිළිබද යාවත්කාලීන කිරිමක් සිදුකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටි අතර එම යෝජනාවට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, පාර්ලිමේන්තු සතිවල සෑම අගහරුවාදා දිනකම රටේ කොවිඩ් තත්ත්වය පිළිබද වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වනු ඇති බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

