අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගන්නා තුරු රට ඉදිරියට ගෙනයාමට පරණ පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය කරන බලතල ව්‍යවස්ථාවෙන්ම ජනාධිපතිවරයාට පැවරී ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය හා රජයේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
බද්දෙගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව කී පතිරණ මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
“රටේ කිසිදු මූල්‍ය අර්බුදයක් නැහැ. මූල්‍ය අර්බුධයක් තියෙනවා නම් කොහොමද හැත්තැලක්ෂයකට පමණ රුපියල් පන්දහස බැගින් ලබා දෙන්නේ. විපක්ෂයේ සමහරුන් කිව්වට පරණ පාර්ලිමේන්තුව රැස් කරලා රට ගෙනයාමට මුදල් සම්මත කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. රට ගෙනයාමට අවශ්‍ය කරන මුදල් සම්බන්ධයෙන් තිරණ ගැනීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. ඒක ව්‍යවස්ථාවෙන්ම පැවරිලා තියෙනවා .
කොරෝනා පැතිරීයාමේ අවධානම තියෙන්නේ ඒ සඳහා නම් කර තියෙන රතු කලාපවල විතරයි. ඇදිරි නීතිය ලිහිල් කරන ප්‍රදේශවලින් කොරෝනා ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ ඒ දිස්ත්‍රික්කවල ජනතාවගේ තියෙන ස්වයං විනයයි . ඒක නිසා ඒ ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ඔවුනගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ඇදිරි නීතිය ලිහිල් කරන එකේ වරදක් මම දකින්නේ නැහැ .
මේ අදිරි නීතිය ලිහිල් කරන එකත් සමග දේශපාලනය ගාවගන්න හොඳ නැහැ. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි ඇදිරි නීතිය දාන්නේ ලිහිල් කරන්නේ. නැතුව වෙන කිසිම හේතුවක් එයට නැහැ . විපක්ෂය අද බලන් ඉන්නේ මේ ඇදිරි නීතිය ලිහිල් කරන එකත් ඒ අයගේ දේශපාලන වාසිය සඳහා යොදා ගන්නයි”
කරන්දෙනිණීය එම්.සුසිල් ප්‍රියන්ත ,බද්දෙගම සරත් ආනන්ද සහ උඩුගම රවී ලියනගේ