කොවිඩ් පාලනයට ජනතා සහාය අනිවාර්යෙන් අවශ්‍යයි - නවින්
කොවිඩ් 19 දෙවන රැල්ල මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වි ඇති බවත් , ජනාධිපතිතුමා පවසන ආකාරයට මෙම රැල්ල පාලනය කිරිමට ජනතා සහයෝගය අත්‍යාවශ්‍ය බව තම පක්ෂය පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා පැවසිය.
නවින් දිසානායක මහතා ඔහුගේ නිවසේදි අද දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නවින් දිසානායක මහතා ,
එක්සත් ජාතික පක්ෂයේ අපි මාර්තු මාසයේ මේ රටට කොවිඩ් 19 වෛරසය ආවට පස්සේ , අපි ජනාධිපතිතුමා හමුවෙලා කිව්වා මේක අපි දේශපාලනිකරණය කරන්නේ නැ කියලා.
පළමු රැල්ල පාලනය කලත් දෙවනි රැල්ල යම් කිසි දුරකට ගිහින් තියෙන බවක් පේනවා. රජයත් වගකිම භාර ගන්න අවශ්‍යයි.
වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වගේ නිලධාරින් මාරු කිරිම නිසා අහිතකර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඇයි එවැනි කාර්යය භාරයක් සිදු කල නිලධාරින් මාරු කරන්නේ?
වෛද්‍යවරුන් බොහෝමයක් කියන්නේ මේක සමාජගත වෙලා ඉවරයි කියලා. ඒ වුනාට රජය තවම කියනවා මේක සමාජගත වෙලා නැ කියලා.
සමාජගත වෙලා නම් ඒක පිළිගෙන ඒකට අවශ්‍ය කටයුතු කරන්න ඕනි.
රජය විනිවිදභාවයක් නැ . කොවිඩ් 19 හරහා රජය විශාල මුදලක් එකතු කරා.ජනාධිපති අරමුදලක් එකතු කරා මිලියන දහසකට වඩා මුදලක් එකතු වෙලා තියෙනවා. ඒ මුදල් වලට මොනවද වෙන්නේ ?
අපි විපක්ෂයක් හැටියට කට වහාගෙන ඉන්නේ නැ . අපිව නිශ්ශබ්ද කරන්න බැ. අපි රජයෙන් ඉල්ලන්නේ ඇත්ත තත්ත්වය ජනතාවට කියලා කටයුතු කරන්න කියලා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි සෞඛ්‍යය ප්‍රශ්නයක්. පළමු රැල්ල වගේ නෙවෙයි දෙවන රැල්ල වෙනස් කොවිඩ් 19ක්. මේකට මහජන සහයෝගය අවශ්‍යයි ජනාධිපතිතුමා කිව්වා වගේ පි.සි.ආර් පරික්ෂණ වැඩි කරන්න ඕනි යනුවෙන් පැවසිය.
popular news
-
Kumar Tuesday, 10 November 2020 10:02 PM
Since Sri Lanka harps a lot about Chinese products for covid control. It appears that Brazil has suspended the trials of the Chinese vaccine because of adverse effects.
Reply : 0 0
laahma singh Wednesday, 11 November 2020 04:52 AM
nnniinnden eehherrilaa
Reply : 0 0
Kumar Wednesday, 11 November 2020 10:05 PM
You can have all the controls you want but there will be a bunch of who will ignore the protocols. According to Dr. Fauci just wearing a mask will do a lot of good. Please think twice before using the Chinese vaccine because Brazil has suspended the trials because of adverse reactions.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

