කොවිඩ් ප්‍රභේද නිසා රට අනතුරක
රටේ ඉදිරියේදී මතුවිය හැකි කොවිඞ් ප්‍රභේද හරහා දරුණු ව්‍යසනයකට මුහුණ දීමට සිදුවිය හැකි නිසා සෞඛ්‍ය අංශ උපදෙස් අනුව වහාම ඊට සූදානම් වීමට රජය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
මේ වනවිට රටේ මතුව ඇති විවිධාකාරයේ කොවිඞ් ප්‍රභේද පිළිබඳව වද වෙමින් සිටීම පසෙකලා පැමිණෙන විශාල අනතුර අවබෝධ කර ගනිමින් කි‍්‍රයාත්මක වීම රජය විසින් කළ යුතුව ඇතැයි ද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.
පවතින ඕනෑම කොරෝනා ප්‍රභේදයක් හෝ පැමිණෙන විකෘති ප්රභේදයන් පරාජය කළ හැක්කේ රජය, සෞඛ්‍ය අංශ සහ ජනතාව එක්ව නිසි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් පමණකැයි ද කී වෛද්‍යවරයා කොරෝනා නීති කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් ගත යුතු ‘තද’ කි‍්‍රයාමාර්ග ගැනීමට රජය පසුබට වන්නේ නම් ‘ඩෙල්ටා’ පළමු තැනට පත්වීම කෙසේ වෙතත් ඊට වඩා දරුණු ප්‍රභේද රට තුළ ව්‍යාප්ත වීමත් නවතාලිය නොහැක්කක් වනු ඇතැයි ද කියා සිටියේය.
popular news
-
Samson de silva Thursday, 01 July 2021 08:23 AM
Lokkaa mara ninde indalaa dan thamayi aharilaa thiyenne.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

