කොවිඩ් නිසා 30000කට දිවි අහිමිවිය හැකියි
කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් නිසි පියවර නොගැනීමෙන් ශ්‍රී ලංකාවේ 30000කට ජීවිත අහිමිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හිටපු අගමැතිවරයා මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ද වන රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ රෝගීන්ගේ වැඩිවීම හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකට ක්විය හැකි බවයි.
නිසි ක්‍රියාමාර්ග ගැනීමෙන් ශ්‍රී ලංකාවේ මරණ 12000ක් පමණ වළක්වා ගත හැකි බවට ලෝක සෞඛ්‍ය විසින් සඳහන් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම තීරණාත්මක අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන ලෙසත් එයට අගමැතිවරයා, කථානායවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා කැඳවන ලෙසත් ඔහු ජනපතිවරයාට සඳහන් රකයි.
එහිදී රජය කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරන ලෙසත් ඉන් අනතුරුව සෙසු පක්ෂ නායකයන්ටද අදහස් ඉදිරිපත් කිරීමට හැකි බවත් ඔහු පවසයි.
popular news
-
deepa viyaptha Sunday, 15 August 2021 10:15 PM
marana paramanaya vadikardimata haki bava lankave niyojithaya kiyanava athi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

