කොවිඩ් වසංගතය හේතුවෙන් ගතවූ වසර දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 14ක ආදායමක් ශ්‍රී ලංකාවට අහිමිවූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 14ක් විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඩොලර් බිලියන 04ක් මේ අනුව අහිමි වී ඇති බවයි.
කෙසේ වෙතත් ගතවූ කාලයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම විශාල ලෙස ඉහළ ගොස් ඇතිබවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.