කොරෝනා වසංගත කාලයෙන් පසු දෙහිවල සත්වෝද්‍යානයට වාර්තා වූ වැඩිම ජනගහනය ඊයේ පෝය දා වාර්තා වූ බවත් එහිදී ලැබූ ආදායම හය ලක්ෂ හතළිස් එක් දහස් තුන්සිය විස්සක් බවත් දෙහිවල සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසීය.
කොරෝනා වසංගත කාලයේ දී සතුන් කොවිඩ් රෝගයට ගොදුරු වීම හේතුවෙන් අවස්ථා කීපයකදී සත්වෝද්‍යානය වසා දැමුණු අතර මේ වන විට නරඹන්නන් ගෙන්වා ගැනීමට විශේෂිත වැඩසටහන් ආරම්භ කොට ඇති බව එම මහත්මිය පැවසීය.
කෙසේ වුවද සාමාන්‍යයෙන් පැවැති සතුන් යොදා සිදු කරන සන්දර්ශන වාර නැවත දැනුම් දෙන තුරු නොපවත්වන බව සඳහන් කරන ඇය මේ වන විට සති අන්තයේදී දෙසැම්බර් නත්තල් සමය පුරා නත්තල් සීයා ගෙන් කුඩා දරු දැරියන්ට ත්‍යාග ලබාදීමේ සන්දර්ශනයක් ආරම්භ කොට ඇති බව පැවසීය.
එම සංදර්ශනය නරඹන්නන් ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගෙන ඇති බව සඳහන් කරන එම මහත් මහත්මිය මේ වන විට විශාල නරඹන්නන් ප්‍රමාණයක් සත්වෝද්‍යානය වෙත් ඇදී එන බව පැවසීය.
ෙපැමිණෙන පිරිස් වසංගත තත්ත්වය සඳහා වූ නියමිත සෞඛ්‍ය ආරක්ෂිත වත්පිළිවෙත් අනුව ත්වෝද්යානයට ඇතුල් කර ගන්නා බව සඳහන් කරන එම මහත්මිය පසුගිය කාලයේ ලැබූ ආදායම් දෙස බලන විට ඊයේ දින ලැබූ ආදායම සතුටුදායක බව පැවසීය.
ඊයෙ දවස ඇතුලත දේශීය වැඩිහිටි නරඹන්නන් පන්දහස් හැත්තෑ අටක් වාර්තා වූ බව සඳහන් කරන එම මහත්මිය ළමා නරඹන්නන් එක් 1348 ද විදේශීය වැඩිහිටියන් දොළොස් දෙනෙක් සහ විදේශීය ළමයින් එක් අයෙක් වාර්තා වූ බවද පැවසීය
එමෙන්ම ප්‍රවේශ පත් කර නිකුතුවෙන් ලැබු ආදායමට අමතරව කුඩා දරු දැරියන් සඳහා වෙන්වූ ළමා මළුවෙන් ලැබූ ආදායම අසුඅටදාස් හයසිය හතරක් ලෙස වන බව ඇය වැඩිදුරටත් පැවසීය.
මොරටුව රේඛා තරංගනි ෆොන්සේකා
