කොරෝනා රෝගින් රැගෙන යමින් සිටි ගිලන් රථ කිහිපයක් අනතුරක
මින්නේරිය යුද්ධ හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටිය දී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ පුද්ගලයන් 24 දෙනෙකු හෝමාගම රෝහල වෙත රැගෙන එමින් සිටි ගිලන්රථ කිහිපයක් හෝමාගම යුද්ධ හමුදා කඳවුර ඉදිරිපිටදී අද ( 26) අනතුරකට ලක් වී ඇතැයි හෝමාගම පොලීසිය කියයි .
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බව පොලීසිය කියයි .
1990 සුවසැරිය ගිලන්රථ 4 ක් සහ රජයේ රෝහල් වල ගිලන්රථ 3 ක මෙම රෝගීන් හෝමාගම මූලික රෝහල වෙත යොමු කිරීම සඳහා රැගෙන එමින් සිටිය දී එයින් එක් ගිලන්රථයක් ආපදාවට ලක් වීමත් සමගම පසුපසින් පැමිණි සෙසු ගිලන්රථ ඒ හා එකිනෙක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලීසිය සදහන් කරයි .
ගිලන්රථ 4 සිටි රෝගීන් වෙනත් වාහන වලින් රෝහල් ගත කිරීමට පියවර ගත් බව පොලීසිය සදහන් කරයි.
අනතුරින් ගිලන් රථ 2 ක් බරපතල අලාභ වීමෙන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකි වීමට එහි සිටි රෝගීන් ද ආරක්ෂාකාරීව ඒ ආසන්නයේ රදවා වෙනත් වාහන වලින් රෝහල් ගත කිරීම සදහා කටයුතු කරන බව හෝමාගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතා පැවසීය.
හෝමාගම පොලිසියේ ස්ථානාධිපති අජිත් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

