වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඞ් 19 ආසාධිත රෝගියා සමග බන්ධනාගාර වාට්ටුවේ එකට සිට පසුගිය 06දා නිදහස්ව ගිය විසි හතර හැවිරිදි පෞද්ගලික බස් කොන්දෙස්තරවරයෙක් ඊයේ ( 09) රාත්‍රී 09.00ට පමණ වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරිමට ගිලන් රථයකින් රැගෙන යනු ලැබීය.
මෙම තරුණයා ද රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඇතුලූ පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමෙන් පසු 56 දෙනෙකුට කෝවිඞ් 19 ආසාධනය වී ඇති බව පීසීආර් පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණි.
වැලිකඩින් කෝවිඞ් 19 ආසාධිත බවට හමුවු බන්ධනාගාර සැකකරු සමග එකම වාට්ටුවේ මෙම තරුණයා රඳවා තිබීමෙන් පසු පසුගිය 06දා සවස ඔහු සවස 03.15ට පමණ ඔහුගේ සහෝදරයෙක් පැමිණ නිදහස් කරගෙන ගිය බවද ඔහු සෞඛ්‍ය බලධාරීන්ට පැවසීය.
ඉන්පසු ඔහු එදින සවස 04.00ට පමණ කටාන තිඹිරිගස්කඩුව ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ඇතත් එම නිවසින් ඔහු ප්‍රතික්ෂේප කර ඇත. පසුව 06දා සවස 06.15ට පමණ කටානෙන් පෞද්ගලික බස්රථයක නැග කොළඹ කොටුවට පැමිණ තිබේ. රාත්‍රී 09.15 සිට රාත්‍රී 11.50 දක්වා කොළඹ කොටුවේ පෞද්ගලික බස් නැවතුමේ රඳි සිට 11.50ට ඇඹිලිපිටිය බලා පිටත්වූ පෞදගලික බස් රථයෙන් ඇඹිලිපිටියට ගිය බවද පවසා තිබුණි.
07දා අලූයම තුනත් හතරත් කාලය තුල ඇඹිලිපිටිය නගරයට එම බස් රථය පැමිණ ඇති අතර එම කාලය තුල ඔහු ඇඹිලිපිටිය බස් නැවතුම් පොලේ රඳි සිට ඇත. ඇඹිලිපිටිය බස් නැවතුම් පොළින් පාන්දර 05.30ට පමණ පිටත්වු බස් රථයකින් ඔහු පානමුර ගොඩවෙල ප්‍රදේශයට ගොස් තිබේ. පෙරවරු 09.15 පමණ බිරිඳගේ නිවසට ගොස් ඇති ඔහු බිරිඳ, වයස අවුරුදු එකහමාරක පමණ දරුවා සහ බිරිඳගේ මවුපියන් සමග කාලය ගත කර තිබෙන බව සඳහන් කළ බවද සෞඛ්‍ය බලධාරීන් පැවසුවේය.
මෙම තරුණයා පදිංචිව සිට ඇත්තේ කුරුවිට නඩුකාරදෙනිය ප්රදේශයේය. රත්නපුර කොළඹ බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස මොහු සේවය කර තිබේ. ගංජා ළඟ තබා ගැනීමේ වරදකට මොහු පසුගිය 02දා බන්ධනාගාර ගතව වැලිකඩ රඳවා තිබී 06දා මුදාහැර තිබුණි.
බන්ධනාගාරයෙන් මොහු පිළිබඳ තොරතුරු සපයාගෙන කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කුරුවිට පොලිසිය හරහා ඔහු පදිංචි නඩුකාරදෙනියේ නිවසේ මවුපියන්ට දැනුම්දුන්නද ඒ වනවිට ඔහු ඇඹිලිපිටියේ බිරිඳගේ නිවසේ පසුවී තිබුණි.
පසුව එම දැනුම්දීම මත ඔහු 09දා පාන්දර 05.30ට පමණ පනාමුර ගොඩවෙල බිරි`දගේ නිවසේ සිට පුද්ගලික බස් රථයකින් ඇඹිලිපිටිය නගරයට පැමිණ ඇත. ඇඹිලිපිටිය නගරයෙන් පෙරවරු 06.10ට පිටත්වන කෑගල්ල බලා යන පුද්ගලික බස් රථයෙන් කුරුවිට පැරඩයිස් හි හයිඩ්රාමණී ඇගලූම්කම්හල ඉදිරිපිට බස් නැවතුමෙන් බැස නිවෙසට ගොස් ඇති බව ද පවසා තිබුණි.
එම බස් රථයෙන් රත්නපුර නව නගරයේ පළාත් සභාව ඇතුලූ රාජ්‍ය ආයතන රැසකට සේවක සේවිකාවන් පැමිණෙන බවද පොලිසිය සඳහන් කළේය. තමන් බන්ධනාගාරයේ පසුවෙද්දී එම වාට්ටුවේ මෙම කොවිඞ් 19 ආසාදිත සැකකරු ඉන්නා බව දැනුවත් නොවූ බවද පවසා තිබුණ අතර ඔහු සමග එකම වාට්ටුවේ සිටි රඳවියාට කොවිඞ් 19 වැළ`දි ඇති බව දැනගනු ලැබුවේ 08දා කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කුරුවිට පොලිසිය තම මවුපියන්ට දැනුම්දුන් පසුව බවද එම තරුණයා පවසා තිබුණි.
මෙම තරුණයා වැලිසර නාවික හමුදා රෝහලට රැගෙන යනු ලැබුවේ කෝවිඞ් 19 ආසාධිතවී ඇද්දැයි පීසීආර් පරීක්ෂණ කිරිම සඳහා පමණක් බවද සෞඛ්‍ය බලධාරීන් සහ කුරුවිට පොලිසිය අවට නිවැසියන් දැනුවත් කරනු ලැබීය. කෙසේ වෙතත් ඔහු ගෙනයාමට රාත්‍රීයේ ගිලන්රිය එද්දී බොහෝ නිවෙස්වල අය දොරවල් වසා නිවාස තුලට වී සිටියහ.
මේ අතර එම තරුණයාගේ මවුපියන් පදිංචි නිවසත් එහි සිටි තරුණයාගේ බිරිඳ, දරුවා ඇතුලූ සිවු දෙනෙක් නිරෝධායනයට ලක්කළ බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
