ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ කොටුව හා පිටකොටුව යන ස්ථානවල බැංකු මූලස්ථාන ක්‍රියාත්මක කිරිමට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඔවුන්ව සේවයට කැඳවූ බවට වන ලිපිය ඉදිරිපත් කළ සේවා ස්ථාන වෙත ගමන් කළ හැකි බවද ඔහු පැවැසීය.
එසේම විදේශ කටයුතු අමාත්‍යාංශ සේවකයන්ට තම රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් සේවා ස්ථානයට ගමන් කළ හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.