එකම ස්ථානයකදී මදුවලට හසුව සිටි කොටියන් දෙදෙනෙකු කොත්මලේ, හෙල්බොඩ වතුයායේ පුදුකාඩි කොටසේදී අද (23) හමුව ඇතැයි වනජීවී නිලධාරීන් පවසති.
මදුවලට හසුව සිටි මෙම කොටියන්ගෙන් එක් සතෙකු සොයා ගන්නා විටත් මිය ගොස් සිටි බවත්, අනෙක් කොටියා තුවාල ලබා ඇතැයිද ඔවුහු කියති.
මදුවට හසුව තුවාල ලබා දැඩි වේදනාවෙන් පසුවන අනෙක් කොටියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
දඩයක්කරුවන් විසින් වනසතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් අටවා තිබු මදුවලට හොඳින් වැඩුණු මෙම කොටියන් දෙදෙනා හසුව ඇති බව වනජීවී නිලධාරීන් පවසති.
උඩරට වතුකරය ආශ්රීත ප්රදේශවලදී ශ්රී ලංකාවට පමණක් ආවේණික කොටියන් රැසක් මෙවැනි ආකාරයේ මදුවලට හසුව මෙම වසරේදි මිය ගොස් ඇති බවත්, ඒ අතර ඉතාමත් දුර්ලභ කළු කොටියෙක්ද වු බව වනජීවී නිලධාරීහු පවසති.
