සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයක් පෙන්නුම් කරයි.
S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගියේ 5.25% ක වර්ධනයක් සහිතවයි.
දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,606.85 ක් හා S&P SL20 දර්ශකය ඒකක 1.847.71 ක් වශයෙන් වාර්තා වුනු අතර අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියනයක් විය.
