කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා නොමැති බවත් බලාගාරයේ කොටසක් වෙනුවෙන් ආයෝජකයින් සම්බන්ධ වී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය .
ඇමැති ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ 2022 අය-වැය සම්බන්ධයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් , කැස්බෑව නගර බව සභා ශ්‍රවණාගාරයේදී (22) දා පැවති අවස්ථාවේදී ය .
“කෙරවලපිටිය විදුලි බලාගාරය සම්බන්ධයෙන් මේ දිනවල කතාබහක් පවතිනවා. පැහැදිලිව අපි කියන්න ඕනේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන්ව තියෙනවා රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා එක්ව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා කියලා. ඒ අනුව තමයි අපි මේ තීරණයට එළැඹ තිබෙන්නේ. එහෙත් කිසි විටෙක මේ ආයතනය විකුණල නැහැ. ඒ පිළිබඳව ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා උනෙත් නෑ.
වෙලා තියෙන්නෙ ඉන් කොටසක් වෙනුවෙන් ආයෝජකයින් හා සම්බන්ධ වී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම පමණයි. සියයට සියයක් අයිතිය තියෙන්නේ රජයට. මේ තුළින් පාරිභෝගිකයන්ට කිසි බලපෑමක් වෙන්නේ නෑ. කවුරු මොනවා කළත් විදුලිය දෙන්නෙ ලංකා විදුලිබල මණ්ඩලයෙන්නෙ. ඒ නිසා ඒ ගැන බය වෙන්න උවමනාවක් නෑ .
මේ පිළිබඳව අපේ රජයේ හවුල්කාර පක්ෂ අගමැතිවරයා හා සාකච්ඡාවක් කිරීමට නියමිතව තිබෙනවා. එහිදී ඔවුන්ට තිබෙන ගැටලු නිරාකරණය කරගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ඔවුනුත් අවශ්‍ය සහාය ලබා දේවි .
කොරෝනා වසංගතය හමුවේ රට ආර්ථික වශයෙන් ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. ඒත් බාර් ඇරීම රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි. එහෙත් සුරාසැල් බලපත්‍ර ලාභීනුත් රජයට බදු ගෙවන අය. සංචරණ සීමා යටතේ ඔවුන්ට තිබෙන ගැටලුත් අපි අවබෝධ කරගත යුතුයි . රට තුළ යම් යම් ලිහිල් කිරීම් කෙරෙන කොට ඒ අයටත් සහන දිය යුතුයි”
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
