කෙරවලපිටිය බලාගාරයේ සියයට 40ක් අමෙරිකානු සමාගමකට
කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අත්සන් තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියි.
කෙරවලපිටිය බලාගාරය ගෑස් බලාගාරයක් දක්වා පරිවර්තනය කළ හැකි නල පද්ධතියක් සහ ගබඩා පද්ධතියක් ඉදිකළ යුතු බවටත් ඒ සඳහා ඛනිජ තෙල් අමාත්‍යංශය විසින් ලංසු කැඳවා තිබූ බවත් ඔහු සඳහන් කර සිටියේය.
එම ලංසු කැඳවීම සඳහා 2021 පෙබරවාරි 18 වනදා පුවත්පත් දැන්වීමක් නිකුත් කර තිබූ අතර කෙසේ වෙතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් පත්‍රිකාවක් හරහා මෙම ටෙන්ඩරය සඳහා කිසිඳු සම්බන්ධයක් නොමැති අමෙරිකානු සමාගමක් වෙත මෙහි ඉදිකිරීම් පවරා ඇති බවත් මෙය පිරිසිඳු ගණුදෙනුවක් නොවන බවත් අදාළ අමෙරිකානු සමාගමට ටෙන්ඩරය ලබා ගැනීමට අවශ්‍ය වූවා නම් අදාළ ලංසු ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ ලංසුව ඉදිරිපත් කර ගත හැකිව තීබු බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
Kumar Monday, 20 September 2021 01:45 AM
e samagamen pagawa ganna sithanna epa. eeta hethuwa siyalauma ganaudenu deshiya adayam sewayata (IRS) danudenna onay nathinam hiray laginna sudanam wenne onay.
Reply : 0 0
lelwala Monday, 20 September 2021 02:16 AM
So what is your problem? If you cannot maintain something what you do? You are the leader of the jeppo.You ruined your party.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

