කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් කරන ලද නියෝගයට සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද නිහඬ උද්ඝෝෂණයක් අද (10) කුරුණෑගල නගරයේදී පැවැත්විණි.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට හිතවත් පිරිසක් කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට පැවති මෙම විරෝධය එක්ව සිටියහ.
රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සමග.කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා ඇතුළු එම කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පසුගිය සිකුරාදා (7) කුරුණෑගල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියම කළේය.
ඒ අනුව අද දිනයේ ඔවුන් පස්දෙනා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අධිකරණයට බාර නොවී අපේක්ෂිිිතඇප අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද වාර්තා විය.
