ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවසීන් හට ආරක්ෂිතව එම කළපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්ෂිත මගී යාත්‍රා සේවාවක් 2021 නෙවැම්බර් 25 න දින සිට ආරම්භ කෙරිණි
කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් හේතුවෙන් එම කළපු ප්‍රදේශය ඔස්සේ එදිනෙදා ගමනාගමනයේදී ප්‍රදේශවාසීන් සහ පාසල් ළමුන් හට මුහුණ පෑමට සිදුවන දුශ්කරතා සැළකිල්ලට ගනිමින්, එම පාලමෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වන තෙක් ඔවුන් හට ආරක්ෂිතව ගමනාගමන පහසුකම් ලබා දීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් මත මෙම මඟී යාත්‍රා සේවාව ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී.
ඒ අනුව, එකවර මඟීන් 25 දෙනෙකු බැගින් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට හැකි මඟී යාත්‍රාවක් නැගෙනහිර නාවික විධානයේ අධීක්ෂණය යටතේ මෙලෙස 2021 නොවැම්බර් 25 වන දින සිට උදෑසන 07.00 - 08.00 අතර සහ පස්වරු 12.00 – 02.00 අතර කාලසීමාවන් තුළදී යෙදවීමට නාවික හමුදාව විසින් කටයුතු කරන ලද අතර, මඟීන් හට ආරක්ෂිතව මෙම මඟී යාත්‍රාවට ගොඩවීම සඳහා තාවකාලික ජැටියක් ස්ථාපනය කිරීමටද නාවික හමුදාව විසින් කටයුතු කරන ලදී.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd