අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් හොරොයින් කිලෝ ග්‍රෑම් 52 ජාවාරම මෙහෙයවා ඇත්තේ තවමත් 25 වැනි වියේ පසුවන සනිඳු මල්ෂිත නැමැත්තෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
මෙම සැකකරු දැනට විදෙස්ගතව හෝ යම්කිසි ස්ථානයක සිට මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු මීට වසර 6කට පෙර එනම් 2015 වසරේදී හෙරොයින් ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණ බවත් ඔහු පැවැසීය.
හෙරොයින් කිලෝ 52ක් සමග උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළුව තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සනිඳු මල්ෂිත නැමැත්තා නවීන තාක්ෂණයෙන් කථා කර ඇති බවත් ඒ පිළිබඳවද පරීක්ෂණ පවත්වන බවත් ඔහු පැවැසීය.
සැකකරු මේ දක්වා මෙහයවා ඇති සංවිධානාත්මක අපරාධය වන්නේ 2021/1/25 වැනි දින පානදුර උතුර පල්ලිමුල්ල හංදියේදී ත්‍රි රෝද රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීම බවද ඔහු පැවැසීය.